UA-68682341-2

Free and Open Source Software

නිදහස් හා විවෘත මෘදුකාංග

FOSS - Free & Open source Software යන්න ඇසු පමණින් ඔබට සිතට පැමිණෙන්නේ කුමක්ද?? ඔබ ඉහත රුප සටහනේ අයත් මෘදුකාාංග දැක ඇති යයි මා සිතනවා. සියලු දුර්මතයන් නැතිවී යාවි, සහ ඔබ කොතනද සිටින්නේ යයි ඔබටම වැටහේවි ඔබ මෙම සොයා බැලීමෙන් පසු හරි අපි වැඩි කතා නැතුව අනුගත වෙමු. ඔයාල දන්නවාද දැනට ඔයාල භාවිත කරන මෘදුකාාංග කොහෙන්ද හම්බුනේ කොහොමද ඒවා ඔයාට හම්බෙන්නේ කොතනින්ද ඒවා එන්නේ කියල නිකමට වත් හිතුවද?


අපි රුපියල් 100 දීල කඩෙන් ගත්තා.ඒ පිළිඹදව අයිතිවාසිකම් තනන්න ඔබට එම මුදල ප්‍රමාණවත්ද කියල ඔයාල පොඩ්ඩක් වත් හිතුවද?, හරි අපි මෙහෙම පාඩමට ඇතුලත් වෙමු, මම දන්නවා අද ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් පරිගණක භාවිතා කරන්නන් මෙහෙයුම් පද්ධතිය විදියට 90% භාවිතා කරන්නේ Microsoft සමාගම විසින් නිෂ්පාධිත මෙහෙයුම් පද්ධති. ඔයා නිකමට වත් හිතුවද ඔයාල මේ කරන දේ නිත්‍යානුකුලද කියල???

අපේ රටේ ජනප්‍රිය වුනු මෙහෙයුම් පද්ධති තමයි Windows Xp , Windows 7 , Windows 8 මේ මෙහෙයුම් පද්ධති පරිගණකයට ඇතුලත් කරපු කරන්න දන්නා අය මෙතන ඉන්නවා. කොහෙන් හරි රුපියල් 100 දීල Xp තැටියක් උස්සගෙන එනවා ඇවිත් ඔන්න Install කරනව, ඔහොම කරගෙන යනකොට එක තැනකදී ලොකු වැල්වටාරමක් කියවන්න සහ එකගතාවය පල කරන්න ගිවිසුමක් සඳහන් කරපු ලොකු ලිපියක් එනවා. අපි එක කියවනවද?? කි දෙනෙක් මේ දේ කියවල තියනවද කියල මම නම් දන්නේ නෑ මමත් කියෙව්වේ මේ ලගකදී. කව්රුවත් දන්නේ නෑ එකේන් තමන්ගේ නිශ්චල හා චංචල දේපල Microsoft සමාගමට පවරලා දෙන්න තමන් එකග වෙනවා කිව්වත්, කියවන්නේ නැනේ ඉතින්. දැන් තේරෙනවා නේද අපේ නිදහස අපිට කොච්චර අහිමි වෙලාද කියල? 

අපි අනවසරයෙන් භාවිත කරන මේ මෘදුකාාංග තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරන්න නම් බෑ. ඒ මෘදුකාාංගය එකම එක පරිගනකයක විතරයි භාවිත කරන්න පුළුවන් තවද අපිට කවදාවත් ඒ මෘදුකාාංගය සැදුන මුල කේත බලන්න බෑ ඒ කියන්නේ Decompile - ඒ කියන්නේ වින්ඩෝස් ගොනු නැවත මුල කේත වලට හැරවීම සපුරා තහනම් අඩුමගානේ ආසාවට බලන්න වත් තහනම්.



අනවසර පිටපත් ලග තබාගැනීම තහනම් උනත් , මේ කියන දේවල් සම්බන්දව එහෙම අනවසර පිටපතක් භාවිත කරන පුද්ගලයෙක්ට වැඩක් නැනේ, ඒ වුනාට පොඩ්ඩක් හිතන්න නියමිත මුදල ගෙවල තමන්ගේ පිටපත ලබාගන්න අය දිහා, එයාල ගෙවන මුදලත් එක්ක සංසන්දනය කරලා බලන්න අනවසර පිටපත් භාවිත කරන පුද්ගලයින්ට විරුද්ධව Microsoft සමාගම විසින් පනවල තියන මේ EULA ( End User's License Agreement ) එක කොයි තරම් දුරකට සාර්ථකයි ද කියල. 

ඇත්තම කතා කරනවානම් අද තියෙන අපි එදිනෙද ජීවිතයේදී භාවිතයට ගන්න ගොඩක් මෘදුකාාංග වල සත්‍ය තත්වය එකයි.එත් මේ සම්බන්ධව හරි නීති මාලාවක් අපේ රටටත් අපු දවසට අපි හැමෝම කුඩුවේ තමයි.අන්න ඒ නිසයි අපි මේ නිදහස් හා විවෘත කේත මෘදුකාාංග පිළිඹදව ලිපි මාලාවක් ඔයාලට අරගෙන එන්න හිතුවේ, නිදහසට ආදරේ කරන හැමෝම මේ ලිපිය වටා අත්වැල් බැදගනිවී කියල මම බලාපොරොත්තු වෙනවා.

නිදහස වෙනුවෙන් නැගී සිටින මෘදුකාාංග තමයි මේ Free & Open Source Software කියන්නේ නිදහස (Free) - යනු පිටපත් කිරීම සංස්කරණය හා නැවත බෙදා හරිම සදහා නිදහස් අයිතියක් පවතින බවයි. (Open) - යනු මුලය විවෘතයි එවැනි මෘදුකාාංග සමග මුල කේතය ( Source Code ) පරිශීලකයාට වෙනස් කිරීම සඳහා ඔහු අතට පත්වේ.හිතන්න Ubuntu ,  Mozilla Firefox වැනි මෘදුකාංග ලෝකය තුල නමක් රන්දපු නිදහස් හා විවෘත මෘදුකාාංග කොච්චර අගනේද කියල.ඒ වුනාට අපේ මිනිස්සුන්ට නිකන් දෙන දේ අගයක් නැනේ.

මේ මෘදුකාංග වලත් license හෙවත් බලපත්‍ර ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා විවිධ හේතු තිබෙනවා. BSD License, GNU General Public License, Apache License මේ අතරින් කීපයක්.මේ සම්බන්ධව මම ඉදිරි පාඩමකදී ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

නිදහස් මෘදුකාංගයක තිබිය යුතු ගුණාංග 4කි.

Freedom : The freedom to run the program a you wish.
නිදහස : වැඩසටහන කැමති පරිදි භාවිත කිරීමේ නිදහස.

Freedom : The freedom to study the source code and changing it to do what you wish.
නිදහස : ප්‍රභව කේතය අධ්‍යයනයට සහ වෙනස් කිරීමට නිදහස.

Freedom : The freedom to make copies and to distribute to the others.
නිදහස : මෘදුකාංගය පිටපත් කිරීමේ සහ අන් අයට ලබා දීමේ නිදහස.

Freedom : The freedom to publish or, more generally, distribute modified versions.
නිදහස : වෙනස් කරන ලද මෘදුකාංග පිටපත් බෙදා හැරීමේ නිදහස


කිසියම් මෘදුකාංගයක් නිදහස් මෘදුකාංගයක් වීමට ඉහත සියලු ලක්ෂණ දැරිය යුතුය. 


මේ නිදහස් මෘදුකාාංග වල උන්නතිය සඳහා මේ වටා අත්වැල් බදාගෙන සිටින විශාල පිරිසක් මුළු ලෝකේ වටේම ඉන්නවා, ඇත්තටම කියනවනම් මේ FOSS වල තියන විනිවිදභාවය නිසා තමාට එම මෘදුකාාංග අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට එහි මුලයට එබී බලනවාම පමණක් නොව එමගින් නවතම දෑ සොයා ගොස් සහ නවතම දෑ නිර්මාණය කර ලෝකවාසී ජනයාට ලබාදීමටද හැකියාව මේ තුලින් ලැබෙනවා.මෙවැනි බෙදාහද ගැනීම් සඳහාම වෙන්වූ සංසද Forum අන්තරජාලය තුලින් සොයාගැනීමට හැකියාව අපිට තියනවා.බොහොමයක් සංසද සඳහා නොමිලයේම සම්බන්ද වීමේ හැකියාවද පවතිනවා.

සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් මුලය විවෘත නිසා හැකර්ස්ලට ඉක්මනින් එය විනාස කරන්න වයිරස නිර්මාණය කරන්න පුළුවන් නේද කියල. ඒ වුනාට ඇත්ත තත්වය ඕක නෙමෙයි ලෝකයට විවෘත දේ මහා ලොකු අරුමයක් නැහැ කියල තේරුම් ගත්තම ඔවුන් එය Hack කරන්න යන්නේ නැහැ, අනික ඒ විදියට ඔවුන් විසින් යම් විටෙක එය විනාස කරන්න උත්සහ කල හොත් මුලය විවෘත නිසා ඒ වෙනුවට තව කෙනෙක් ප්‍රතිවයිරස නිර්මාණය කරලා කේතය සහ මෘදුකාංගය බෙර ගන්නවා අන්න ඒ වගේ දෙකදී ක්‍රියාත්මක වෙන්න ඕනි නිසා තමයි ලෝකය පුරාම මම අර කලින් කියපු විදියේ සංසද මේ FOSS එක්ක අත්වැල් බැඳගෙන ඉන්නේ. නමුත් ඇත්ත තත්වය නම් යම් කෙනෙක් මේ ලෝකේ ඕනිම දෙයක් බලන්න උත්සහ ගන්නේ විවෘත දෙයක නොව සංවෘත වූ දෙයකැයි කියන්න පුළුවන් මොකද මම කලින් කියපු විදියට ලෝකයට පෙන්න තියෙන විවෘත දෙයක මහා ලොකු අරුමයක් නැහැ කියල දැක්කම ඒ දෙය පස්සේ පන්නන්නේ නැතුව මිනිස්සු අර කලින් සදහන් කරපු සංවෘත දෙය දිගහැර බලන්න උත්සහ කරනවා අන්න එතනින් තමයි  Hacker කියන චරිතය එලියට එන්නේ. ඒ විතරක් නොව සංවෘත දේ හැක් කලාම ඒ වෙනුවෙන් නැගී සිටින්න කිසිවෙකුටත් බෑ මොකද නීතිමය වශයෙන් සිමා පනවල තියන නිසා.එහෙම දෙයක් උනහම අපිට ඒසඳහා සමාගම මගින්ම පමණක් එයට උපකාර පැතීමට සිදු වෙනවා....නමුත් සමගම මගින් උපකාරය ලබා දෙන විට අශ්වයා පැන ගොස් අවසානයි.

ඉතිහාසය.


අපි පොඩ්ඩක් ඉතිහාසයට එබිලා බලමු මම ගොඩක්ම මේ සම්බන්දව කතා කරන්න යන්නේ නෑ මොකද ඉදිරියේදී ඔයාලට අරගෙන එන නිසා.

1950, 1960 හා 1970 දශක වල සාමාන්‍ය පරිගනක පරිශීලකයින් නිදහස් මෘදුකාංග භාවිත කළහ. මෘදුකාංග බොහෝ දුරට පරිශීලකයින් හා දෘඩාංග නිෂ්පාදකයින් මෘදුකාංග බෙදාහදා ගත් අතර එමගින් ඔවුන්ගේ දෘඩාංගවල ප්‍රයෝජනත්වය වැඩි කරනු ලැබීය. මෘදුකාංග බෙදා ගැනීමට සංවිධාන පවා පිහිටුවා ගත්හ. මෙමගින් මෘදුකාංග බෙදා හදා ගැනීම් වලට මනා සහයක් ලැබින. නමුත් 1960 න් පසු මෙම තත්වය වෙනස් විය. මෘදුකාංගයන්හි මිල විශාල වශයෙන් ඉහල ගියේය. දෘඩාංග නිපදවන සමාගම් වලට මෘදුකාංග නිපදවන සමාගම් සමග ඉතාමත් තියුනු තරගයක නියැලීමට සිදු විය. දෘඩාංග නිපදවන සමාගම් තම දෘඩාංග සමග මෘදුකාංග ලබා දෙනු ලැබුවේ එම මෘදුකාංග සදහා වන වියදමද එම දෘඩාංගය සදහා එකතු කිරීමෙනි. එහෙත් කල් යත්ම පරිශීලකයන් විසින් තම අවශයතාවයට ගැලපෙන මෘදුකාංග වෙනත් සමාගම් වලින් ලබා ගැනීමට හුරු විය. 1970 පමණ වනවිට මෘදුකාංග සමාගම් තම මෘදුකාංග එහි කේතය සමග බෙදා හැරීම නවතා දැමීය. එමගින් එහි වෙනස්කම් කිරීම හා එය අධයයනය කර නව නිෂ්පාදන සිදු කිරීම අවුරණ ලදී. 1980 වන විට මෘදුකාංග සදහාද බුද්ධිමය දේපල නීති අදාල විය.



1983 දී MIT කෘතිම බුද්ධිය සදහා වූ පරීක්ෂණාගාරයේ හැකර් ප්‍රජාවේ දීර්ගකාලීන සමාජිකයෙකු වූ Richard Stallman, විසින් GNU (Gnu is Not Unixව්‍යාපෘතිය ගැන හෙලි කළේය. මෘදුකාංග භාවිතය නිදහස් කිරීම ඔහුගේ අරමූණ විය. GNU මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කිරීම 1984 දී ආරම්භ විය. තවද 1985 ඔක්තෝබර් මාසයේදී නිදහස් මෘදුකාංග පෙරමුණ පිහිටුවන ලදී. ඔහු ගේ අරමුණ වුයේ අයිතීන් ඇතුලත් නොවන නිදහස් මෘදුකාංග නිර්මාණය කිරීමයි. මෙහි ආර්ථික වටිනාකම විශාල ආයතන වන IBM, Red Hat, and Sun Microsystems විසින් වටහා ගන්නා ලදී. බොහෝ සමාගම් තම කටයුතු සදහාද මෙම නිදහස් මෘදුකාංග භාවිත කරන ලදී. අඩු වියදමක් දැරීමට සිදුවීම මෙහිදී කැපී පෙනෙන වාසිය විය.Creative Commons හා නිදහස් මෘදුකාංග පෙරමුණ මෙම නිදහස් මෘදුකාංග ව්‍යාපාරයට මහත් පිටිවහලක් ලබාදුනි




නමුත් ඒ නිදහස් මෘදුකාාංග සඳහා පමණි. විවෘත කේත මෘදුකාංග යන්න ලෝකයට බිහි වූයේ 1998 දීය. බෲස් පෙරන්ස් සහ එරික් එස් රේමන් මූලිකත්වයෙන් මෙය ඇරඹුනේ Netscape communicator විවෘත කේත මෘදුකාංගයක් බවට පත් කරමිනි. කෙසේ වෙතත් මේ වන විට විවෘත කේත මෘදුකාංග ඉතා ජනප්‍රිය වී ඇත. එම නිසා මේ දෙක අතර මැද මාවතක් තෝරා ගනිමින් ඒ දෙක පිළිබඳවම කතිකා කිරීමේ පහසුවට “නිදහස් හා විවෘත කේත මෘදුකාංග”යන යෙදුම අද අපි “FOSS” තුළ භාවිත කරමු.

මීලගට මා කෙටියෙන් ඔබ කව්රුත් අසා ඇති යමක් පිළිබඳව එහි ඉතිහාසය පිලිම්බන්දව කෙටි විස්තරයක් කියන්නයි සැරසෙන්නේ Linux ගැන අහල තියනවා නේද? Linux ලෙස හදුන්වන ලබන්නේ Linux Kernel වන අතර මෙය සියලුම Linux Operating System හි තිබෙන කොදු නිරටිය ලෙස හදුන්වනු ලබයි. මෙහි නිර්මාතෘ Linus Torvalds වන අතර මෙය පළමුමෙන්ම ලෝකයට මොහු විසින් ඉදිරිපත් කරන ලද්දේ 1991 වසරේදීය.

   

Linus Torvalds හදුනාගනිමු. මොහු උපත ලැබුවේ වසර 1969 දෙසැම්බර් මාසයේ 28 දින Finland හි Helsinki ප්‍රදේශයේය. ඇමරිකාවේ මෘදුකාංග ඉංජිනේරු Software Engineer සහ Hacker අධ්‍යාපනය මැනවින් නිම කරන ලදි. පසුව මොහු විසින් Linux Kernel නිර්මාණය කිරීම අරඹන ලදි. Linux Kernel හි මූලික ශිල්පියා ලෙසට පත්වෙමින් දැනට ඔහු ව්‍යාපෘති සම්බන්ධකයා ලෙස ක්‍රියාකරමින් සීටි.

නිදහස් හා විවෘත මෘදුකාාංග පිලිම්බන්දව මොනවද මේ FOSS කියන්නේ කියල දැන් ඔයාලට යම්කිසි දැනුමක් ඉතිහාසය සම්බන්දවත් දැනුමක් ලැබිල ඇති කියල මම හිතනවා මේ පාඩම් මාලාවේ අද පලවෙනි අදියරේ වගේම තව කරුණු රාශියක් ඔයාලට අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා.රැඳිලා ඉන්න අපිත් එක්ක.

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2