Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල ඔබේ පරිගණකය වේගවත් කල හැකි ක්‍රම
මෙහෙයුම් පද්ධතියක් අලංකාරව දැකීමට ඇත්නම් ලොකු කුඩා කවුරුත් පාහේ කැමති කරුණකි, නමුත් තම සතු පරිගණකයේ Ram ධාරිතාව , Video ධාරිතාව ගැන සලකා බැලූ කල එම තත්වයන් අඩු මට්ටමක පවතී නම් ඔබ ස්ථාපනය කරගෙන සිටින මෙහෙයුම් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට එය භාධාවක් නම් අපට මෙම පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට ක්‍රම කීපයක් ඔබ හමුවේ තැබීමට මම බලාපොරොත්තු වෙනවා හරි වැඩිය කතා නැතුව අපි වැඩේට බහිමු..
ඉන් පසුව එය අවලංගු කරන්නේ මෙලෙසයි...
ඉන් පසුව OK කිරීමෙන් මෙම අංගය අවලංගු කල හැකිය.
මෙහෙයුම් පද්ධතියක් අලංකාරව දැකීමට ඇත්නම් ලොකු කුඩා කවුරුත් පාහේ කැමති කරුණකි, නමුත් තම සතු පරිගණකයේ Ram ධාරිතාව , Video ධාරිතාව ගැන සලකා බැලූ කල එම තත්වයන් අඩු මට්ටමක පවතී නම් ඔබ ස්ථාපනය කරගෙන සිටින මෙහෙයුම් පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට එය භාධාවක් නම් අපට මෙම පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට ක්‍රම කීපයක් ඔබ හමුවේ තැබීමට මම බලාපොරොත්තු වෙනවා හරි වැඩිය කතා නැතුව අපි වැඩේට බහිමු..
01.ඔබගේ Windows මෙහෙයුම් පද්ධතියේ Performance පාලනය කිරීම.
මෙහිදී කරනුයේ අප භාහිරට දකින ආකාරය Appearance අඩු කිරීමක් පමණි.
පළමුව ඔබ ඔබගේ පරිගණකයේ My Computer මත 8.1 නම් This PC මත Right click කර එතැනින් Properties තොරා දෙන්න. ඉන් පසුව එන මෙනුවේ දකුණු පස ඇති නැවිගේෂන් පැනලයේ ඇති Advanced system settings යන්න click කරන්න. එතනින් පසුව එන මෙනුවේ Advanced යන tab එකට යන්න ඉන් පසුව Advanced යටතේ ඇති Performance යන කොටසට අධාල Settings බටනය click කිරීමෙන් අනතුරුව එන මෙනුව දක්වා ගමන් මග පහත රුප සටහනෙන් දැක්වේ.
මෙහිදී දී ඇති අනුපිලිවෙලට ගිය විට ලැබෙන මෙනුවේ Best appearance වලට හෝ Best Performance තෝරා දීමට Radio Button දෙකක් ලබා දී තිබෙන අතර Default select වී ඇත්තේ පරිගණකයට ලබා දිය යුතු Appearance මොනවද යන්න මෙහෙයුම් පද්ධතිය මගින් තොර දීමක් බවත් අප Manually මෙම කරන ක්‍රියාවෙන් අපට පරිගණකය වේගවත් කර ගත හැකිය. මෙහිදී අප විසින් ලබා දිය යුතු වන්නේ Best Performance යන්නයි එහිදී බාහිර ආටෝපය සඳහා වියදම් වූ Ram ධාරිතාව සහ Video ධාරිතාව නැවතත් පරිගණකයට ලබා දිය හැකිය.
02.Search Indexing Disable කිරීම.
යමක් අප Search කරන විටදී එය ලබා දීමට බොහෝ වෙලාවක් ගත වන්නේ මන්ද කියා ඔබ දන්නවාද?? මෙහිදී මෙම Search indexing services එක සාම අස්සක් මුල්ලක් පාසාම ඇති දත්තයන් Windows system එකෙහි හා records information තුල ඇති Index හරා අවුස්සා බලනවා මෙන්ම, පද්ධතිය තුල ඇති Resources විනාශ කිරීමක්ද මේ මගින් සිදු වෙනවා. ඔබ නිතර නිතර හාරා අවුස්සන්නෙක් නම් මෙම අංගය ක්‍රියා විරහිත කර තැබීම ඔබගේ නුවනට හුරු වේ.
පහත රුප පෙළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔබට මෙම සේවාව අවලංගු කිරීම සම්බන්ද අදහසක් ලබා ගත හැකිය.
මෙමගින් Service Dialog box එක ලබාගත හැකිය,
දැන් ඔබට මෙම ලිස්ට් එක මගින් Windows search service එක සොයා ගෙන එහි Right click කර Properties තෝරා දෙන්න,
ඉන් පසුව OK කිරීමෙන් මෙම අංගය අවලංගු කල හැකිය.
03.ඔබගේ පරිගණකයේ ඇති Partitions Defragment කිරීම.
මෙම ක්‍රමය මගින් විශේෂයෙන්ම කරනු ලබන්නේ ඔබගේ Hard Drive එකෙහි තැනින් තැන ගබඩා වී ඇති දත්ත නිසි අයුරින් එක ක්‍රමයකට ගොඩ ගසා දීමයි මෙම අංගය ඉතාමත් කෙහෙසියෙන් සොයා ගත හැකි අතර Defragment යයි type කර search කිරීමෙන්ද මම අංගය සොයා සත හැකිය පහත රුපයේ දක්වා ඇත්තේ මෙම Disk Defragmenter එකෙහි අනුරුවකි.
මෙම උපාංගය භාවිතා කර අපට ලේසියෙන්ම අප සතු පරිගණකය Defrag කරගත හැකිය.
Cmd භාවිතා කර Defragment කරන අයුරු ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වනවා.
04.අනවශ්‍ය Windows Features නවතා දමමු.
Windows Features අපට අනගි අවස්ථාවක් ලබා දෙනවා Windows Features වසා දමන්න සහ ක්‍රියාත්මක කරවන්න..... ටිකක් තේරුනා මදි වගේ ඇති නේද??
ඒ කියන්නේ යාලුවනේ අපිට අවශ්‍ය නැති Windows Features ඒ කියන්නේ Games වගේ ඒවා අපිට නතර කරන්නත් Windows Features එකක් එයාල දීල තියනවා.
අපට එය control Panel > programs > Windows Features on or off මගින් ලබාගත හැකි අතර ඔබට අනවශ්‍ය යි හැගෙන සියලු වැඩසටහන් මෙමගින් Disable කිරීමේ හැකියාවක් තියනවා එහිදී කල යුත්තේ අනවශ්‍ය Programs වලට වැටි ඇති Tic නැති කිරීම පමණි ඉන් පසු oK කිරීමෙන් එම Program වලට විදම් වූ පරිගණකයේ Resources නැවත අපට ලබා ගත හැකිය. පහත රුප සටහනේ එම අංගය දක්වා ඇත.
05.අනවශ්‍ය Start-up ප්‍රෝග්‍රෑම්ස් නවතා දැමීම.
මේ ක්රමයද ඉතාමත් වැදගත් වන අතර මෙමගින්ද ඔබගේ පරිගණකය වේගවත් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබ පරිගණකය ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔබට එහි වැඩ කිරීමට පටන් ගැනීම සදහා Ready වීමට කොපමණ වෙලාවක් ගත වේද?එය ඉතාමත් දීර්ග වෙලාවක් නම් ඔබ විසින් මෙම ක්‍රමය කල යුතු වනවා...
පළමුව task bar හි Right click කර එමගින් task manager තොර දෙන්න ඉන් පසුව එහි ඇති start-up tab එක මත click කර එහි ඇති ඔබට අනවශ්‍ය යයි හැගෙන වැඩසටහන් ක්‍රියාත්මක වීම නවතා දමන්න.පහත රුප සටහන් අද්යනයෙන් ඔබට මේ පිලිබදව අදහසක් ලබාගත හැකිය.
06.පද්ධතියේ ශබ්ධයන් නැවත දැමීම
ඔබට ඇත්ත වශයෙන්ම ශබ්ධය අවශ්‍ය නොමැති නම් මෙහෙයුම් පද්ධතියේ නොයෙක් ක්‍රියාකාරකම් වලදී යෙදෙන මෙම ශබ්ධයන් නැවත දැමීමට හැකියාව ඇත.ඔබට මෙමගින් ද ඒ සඳහා වැය වන පරිගණකයේ සම්පත් රක ගැනීමට හැකියාවක් තිබෙනවා මේ වෙනස් කම windows 7 පරිශීලකයන්ට පමණක් වලංගු වේ මන්ද windows 8 හා 8.1 යන මෙහෙයුම් පද්දති වල මෙම ශබ්ධ රසය ;-) ඉතාමත් අවම කර ඇති බැවිනි.
මේ සඳහා පළමුව mmsys.cpl යයි search කර එමගීම් ලැබෙන dialog box එක මගින් ඔබට අනවශ්‍ය ශබ්ධ තොරා ඒවා ඉවත් කල හැකිය. පහත රුපයේ එම dialog box එක දැකගත හැකිය.
07.පරිගනකයේ පද්ධතියට ගැලපෙන නවතම drivers භාවිතය.
මෙයද ඉතාමත් වැදගත් කාරණයකි පරිගණකයක් යාවත් කාලින නොවන්නේ නම් එය කුණු ගොඩක් මෙනි. මන්ද අලුතින් වෙළදපොලට පැමිණෙන මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන විදියේ උපාංග මෙන්ම ඒවා ක්‍රියාත්මක කරව ගැනීමට අවශ්‍ය Drivers ද මේ සඳහා අවශ්‍ය වනවා.ඒවා ද යාවත්කාලින අයුරින් තබා ගැනීමට හැකි නම් ඔබට ඉතාමත් වේගවත් පරිගනකයක හිමිකරුවෙකු වීමට අවස්ථාව උද වනවා.
මේ සඳහා Drivers මෘදුකාංග පද්ධතිය සමග සසදා බලා නවතම drivers ලබා දීමට හැකියාව ඇති මෘදුකාංග කීපයක් වෙළදපොලෙහි දක්නට ලැබෙනවා.
- Driver identifier
- iobit driver booster
- device doctor
- update my drivers
08.පරිගණකයට අනවශ්‍ය fonts මකා දැමීම.
මෙයද තවත් එක පිලියමක් ලෙස දැකිවිය හැකි අතර නමුත් ලිපි ලේකන සමග දිවි ගෙවන අපේ යාළුවන්ට නම් මේ ක්‍රමය ගැලපෙන්නේ නම් නැහැ. ඇත්තටම කිව්වොත් පරිගණකය තුල font ගොඩක් ගබඩා කර තැබීමද වේගය අඩුවීම කෙරෙහි බලපාන සදකයකි.
මෙම ක්‍රමය ක්‍රියාත්මක කරවීමට control panel >Appearance and Personalization > Fonts යන්න තොරා දී ඉන්පසුව එන dialog box එක මගින් ඔබට පහසුවෙන්ම මෙම අනවශ්‍ය fonts තෝරා බලා ඉවත් කල හැකිය.පහත රුප සටහනින් ඒ පිළිබඳව අදහසක් ඔබට ලබාගත හැකිය.
09.හොද Antivirus පද්ධතියක් භාවිතා කිරීම.
මෙම ක්‍රමය නම් මම අමුතුවෙන් කියන්න ඕනි නැනේ ඔයාලත් දන්නවා ඇති සමහර Antivirus මෘදුකාංග අපිට හරිම වදයක් වෙලා තියන බව.හොද Antivirus කිහිපයක්ම අද වෙළදපොලෙහි දක්නට ලැබෙනවා ඒවා අතරින්
- Avast internet security
- AVG
- Kaspersky
- Avira
- Norton
- eset
- Microsoft security essential
0 comments:
Post a Comment