UA-68682341-2

Use Windows 8 or 8.1 In Sinhala

ජනේල 8 සහ 8.1 සුද්ද සිංහලෙන් පාවිච්චි කරමු


ඔයාලට මම කලින් දුන්නනේ ජනේල 7 සිංහලෙන් පාවිච්චි කරන්න ක්‍රමයක් ඕක දැකලා අපේ බුකි ෆෑන් කෙනෙක් දාලා තිබ්බා මැසේජ් එකක් ඕක ජනේල 8 පාවිච්චි කරන අයට බැරිද කියලා ඔව් පුළුවන් ඔන්න මම දැන් ඒ ක්‍රමේ ඔයාලට දෙන්නයි යන්නේ

ඔයාලා මේක පාවිච්චි කරන්න කොච්චර ආසාවකින්ද ඇත්තේ මොකද ලංකාවේ දෙයක් හම්බවුණොත් පට්ට ගහනවනේ මේකට ඉතින් තැන්කූ කරන්න ඕන මට නෙමෙයි බිල් ගේට්ස් අයියට එයා තමයි මේ භාෂා පැකේජ හදලා තියෙන්නේ

මේක අනික මාර ෆනී සුපිරිම වචන තියෙන්නේ ඔයාලා දැනටමත් දන්නවා ඇති මම ජනේල 8.1 පාවිච්චි කරන කෙනෙක් අත්දැකීමෙන් කියන්නේ නියම භාෂා පැකේජයක් හැම දෙයක්ම සුද්ද සිංහලෙන්

හරි දැන් කුතුහලේ තියන්න ඕන නෑනේ බා ගන්න විදිහයි දා ගන්න විදිහයි මම කියලා දෙනවා ඔයාලා බය වෙන්න එපා Screenshot ටිකක් බලලම වැඩේට බහිමු
















































































ඔය ඇතිවෙයි කියලා මම හිතනවා පට්ටනේ හොඳයිනම් ජනේල 8.1 තියෙන අය මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

ජනේල 8 තියන අය මෙතනට ක්ලික් එකක් දීලා බා ගන්න

තමන්ගේ බිට් එක තෝරලා බාගෙන සාමාන්‍ය විදිහට Install කරගෙන ඉවර වුණාට පස්සේ ඔයා Control Panel එකට යන්න ඒකට ගියාට පස්සේ එතන තියනවා ප්‍රධාන මාතෘකා 8ක් ඒ මාතෘකාවලින් Clock, Language, and Region කියන එක තෝරන්න ඒක තේරුවට පස්සේ එන වින්ඩෝවෙන් Language කියන එක තෝරන්න 

ඊට පස්සේ එනවා වින්ඩෝවක් ඒකෙ තියනවා English (united states) කියලා ඒකට මුකුත් කරන්න යන්න එපා ඒ තියන තැනට වම් පැත්තේ කෙළවරේ තියනවා Advanced settings කියලා ඒකට ක්ලික් කරනන් ඊට පස්සේ එන වින්ඩෝවේ ඇති මෙහෙම

ඒකේ පළවෙනියට තියන Submenu එකෙන් සිංහල කියන එක තෝරලා Save කරන්න ඊට පස්සේ ඔයාට ලොග් ඔෆ් වෙන්න කියලා කියයි ලොග් ඔෆ් වෙලා ආයි ලොග් වෙලා බලන්න මොනාද වෙලා තියෙන්නේ කියලා
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2