UA-68682341-2

vampire bat

ලේ බොන වැම්පයර් වවුලා

ඔන්න තවත් භයානක සොයා බැලීමක් සමගින් මම ආවා මේ පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා ඒ වගේම මේ පෝස්ට් එක විශේෂයෙන්ම වැදගත් වෙන කෙනෙකුත් ඇති කියලා මම හිතනවා මෙයාලා ගැන පොඩි විස්තරයක් මම පහළින් දාන්නම්කෝ
මෙයාලගේ ලක්ෂණ ටිකක්

1.මොවුන්ගේ මුල්ම නිජබිම ඇමෙරිකාව වන අතර වාසස්ථාන මෙක්සිකෝව සිට බ්‍රසීලයටත් චිලී දේශයටත් ආජන්ටිනාවටත් විහිදේ

2.ගණවාසී ලෙස ජීවත් වේ

3.නාසය කේතු හැඩයක් ගනී

4.ඒ මත උණුසුම හා සීතල වැනි සංවේදන දැනගැනීමට උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක සෛල පිහිටා ඇත

5.මෙම ප්‍රතිග්‍රාහක ගොදුරේ රුධිර නාල සොයාගැනීමට ඔවුන්ට උපකාර වේ

6.ක්ෂිරපායී සතෙක්‍ර වන මොහුගේ බාහිර කුඩා කන් යුගලයක් හා කුඩා වලිග පටලයක් ඇත

7.මුඛයේ ඉදිරිපස ඇති කෘදන්ත දත් කැපීම සඳහා විකිරණය වී ඇත

8.පිටු පස දත් කුඩාය

9.ආහාර සොයා යන්නේ රාත්‍රී හෝ අඳුරු අවස්ථාවල දීය
  
10.එහි දී ගමන් මඟ සොයා ගැනීම සඳහා අඩු ශක්ති ශබ්ද තරංග භාවිත තරයි

11.වැම්පයර් වවුලන්ගේ ආහාර ක්ෂීරපායී සතුන්ගේ රුධිරය වන අතර ඇතැම් විට මිනිස් රුධිරය ද ආහාරයට ගනී

12.සමහර විශේෂ පක්ෂීන් රුධිරය ද ආහාර වේ

13.මෙම සත්වයනගේ මොළයේ ශබ්දය ප්‍රතිග්‍රහණය සඳහා වූ ව්‍යුහය ගොදුරේ ශ්වසන ශබ්දය ඇසීම සඳහා අනුවර්තනය වී ඇත

14.මොළයේ අධෝරක්ත කිරණවලට සංවේදී ව්‍යුහයක් පවතී එමගින් මෙම වවුලා ගොදුරේ සැපිය යුතු ස්ථානය තෝරාගනියි

15.නින්දේ පසු වන සතෙකුට නොදැනෙන සේ තම කෘදන්ත දත්වලින් උගේ සම සිදුරු කිරීමට මෙම වවුලාට හැකිය

16.ඛේටය ගොදුරට ඇතුළු කර එහි අඩංගු ද්‍රව්‍ය රුධිරය හරහා ගලා යෑමට සලස්වා රුධිරය කැටිගැසීම වළක්වයි

17.ජල භීතිකා රෝග ව්‍යාප්තියටද හේතුකාරකයෙකු වෙයි එසේම මොහු රෝග වාහකයෙකු ලෙසද ක්‍රියා කරයි
එසේ වුවද ඔවුනගේ ඛේටය ඖෂද සඳහා භාවිත වේ

වැම්පයර් වවුලන්ගේ ආහාර ජීරණ පද්ධතිය දියරමය ආහාර ලබා ගැනීමට හැඩ ගැසී ඇති අතර ඔවුනගේ ඛේටයේ ඩ්‍රැකියුලින් නමි රුධිරය කැටි ගැසීම වළක්වන ප්‍රතිකාරක ද්‍රව්‍යයක් අඩංගුය

මේ කවුද කියලා ඔයාලා දන්නවනේ මේ ඉතුරු පොටෝ දාන්න බෑ අප්පිරියයි ඔයාලම මෙතනින් ගිහින් බලන්න

   
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2