රුසියන් පර්යේෂකයන්ට හමුවූ අපායේ සැබෑ හඬ
අපාය ගැන ඔබ දන්නේ මොනවාද? ආගමික මාතෘකාවක් වන මෙය පව් කිරීමෙන් මනුෂ්‍යයා වැළැක්වීම සඳහා යොදා ගනු ලබන කඩඉමය. එහෙත් පාපය විවිධ ආගම්වලදී විග්රහ වන අයුරු විවිධය. උදාහරණයක් ලෙස සතුන් මැරීම බුදු දහමට අනුව පාපයකි. එහෙත් කිතුනුවෝත්, මහමදිනයෝත් එය පාපයක් ලෙස නොසළකති. මිනිසුන් මැරීම පාපයකි. එහෙත් මනුෂ්‍යයන් බිලිදෙන ගෝත්‍රික ආගම් ලෝකයේ තිබේ. සියදිවි නසා ගැනීම සියලු ප්‍රධාන ආගම් පාපයක් ලෙස සළකන නමුත් ආගමික හේතූන් මත පුණ්‍යකර්මයක් වශයෙන් සාමුහික වශයෙන් සිය දිවි නසාගත් ආගමික කල්ලි ගැන වාර්තා තිබේ.
අද අප ඔබට කියන්නට යන්නේ රුසියානු විද්‍යාඥයන් සමූහයකට අපාය හමුවීම පිළිබඳ කතාවය. 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක් පොළොවෙහි සිදුරක් විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක් පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක් යටට විදින ලදී. පසෙහි සිදුරක් විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස් පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්ඩි කඩාවැටීම වළක්වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්සවීම හා සමාන කටයුත්තකි. සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක් වන තුරු බස්සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක් වැනි තැනක පියස්ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින. ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස් නැවතුන තැන උණුසුම ෆැරන්හයිට් අංශක 2000 ක් විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක් පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක් මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක් මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ.
තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක් වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක් දුටුවාහ. එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය. මේ කතාව යට ගසන ලදී. කොමියුනිස්ට් රුසියාව විඥණවාදය බැහැර කළ බැවින් අපායේ පැවැත්ම පිළිගැනීමට සූදානම් වූයේ නැත. එහෙත් ලොව පුරා රටවල ඇතැම් කතෝලික පුවත්පත් මේ පුවත පළ කළහ. පටිගත කරන ලද අපායේ විලාප සමහර ගුවන් විදුලි මධ්‍යස්ථාන මගින් ප්‍රචාරය කරන ලදී. අන්තර්ජාලය හිස එසවීමත් සමගම මේ පුවත ලොව පුරා පැතිර යන්නට විය. මෙයින් වැඩිපුරම වැඩ ගත්තේ කතෝලික ලෝකයයි. ලෝක ප්‍රකට ටි්රනිටි බ්රොඩ්කාස්ටිං නෙට්වර්ක් නමැති ආයතනය තම ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන මගින් මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළහ.
මේ අතර සයිබීරියාවේ පොළව යට අපායට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ආරම්භ විය. මේ ව්‍යාපාරයේ මූලික අරමුණ වූයේ රුසියන් විද්‍යාඥයන් සිදුර කනින ලද්දේ කොහේද යන්නය. රුසියාවේ කෝලා අර්ධද්වීපය නමැති ප්‍රදේශයේදී මේ සිදුර කණින ලද බව සොයා ගැනිණ. සිදුර තිබූ තැනට රුසියාවේ සිට යනවාට වඩා නෝර්වේවලට ගොස් යැම වඩාත් කිට්ටු වූයේ එය නෝර්වේ සිට සැතපුම් 16 ක් ඈතින් පිහිටි බැවිනි. රුසියානුවන් ඇතුළු දියුණු රටවල් මහ පොළොවෙහි සිදුරු විදින්නේ භූ ගර්භයෙහි තොරතුරු ලබා ගැනීමට පමණක්ම නොවේ. පොළව ඩි්රල් කිරීමේ හෙවත් විදීමේ තාක්ෂණික උපකරණ තවදුරටත් දියුණු කිරීම සඳහාත් මෙවැනි පර්යේෂණ කැණීම් සිදු කෙරේ. ඊටත් අමතරව ඛනිජ වර්ග ගැන විස්තර ලබා ගැනීමටත් ලෝකයේ ගැඹුරුම සිදුර කණින ලද්දේ තමන්ය යන වාර්තාව සඳහාත් රුසියානුවෝ මේ සිදුරු විද්දාහ. කතෝලික කණ්ඩායම් මේ කැණීමෙන් ප්‍රයෝජන ගෙන අපායේ විලාප පිළිබඳ කතාව නිර්මාණය කළ බවත් 1972 දී තිරගත කරන ලද බැරන් බ්ලඩ් නැමති චිත්‍රපටයේ මර විලාප සහිත හඬ පටයේ කොටසක් ගෙන එය ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කරමින් අපාය මිහිපිට මවා පෙන්වූ බවටත් චෝදනා එල්ල විය. ඒ අතර ඇතැම් පර්යේෂකයන් කීවේ ෆැරන්හයිට් අංශක 2000 ක උෂ්ණත්වයක මයික්‍රෙෆෝන ක්‍රියාත්මක කළ නොහැකි බවය. පැරන්හයිට් අංශක 1000 කට අඩු උෂ්ණත්වයක් තුළ ඒවා උණුවන බවත් පර්යේෂකයෝ කීහ. ඊටත් අමතරව එබඳු උෂ්ණත්වයක් යටතේ විලාප තැබීමට කිසිදු පව්කාරයකුගේ ස්වරාලය ඉතිරි නොවන බවද ඔවුහු කීහ.
ශබ්ද පටය
අපාය ගැන ඔබ දන්නේ මොනවාද? ආගමික මාතෘකාවක් වන මෙය පව් කිරීමෙන් මනුෂ්‍යයා වැළැක්වීම සඳහා යොදා ගනු ලබන කඩඉමය. එහෙත් පාපය විවිධ ආගම්වලදී විග්රහ වන අයුරු විවිධය. උදාහරණයක් ලෙස සතුන් මැරීම බුදු දහමට අනුව පාපයකි. එහෙත් කිතුනුවෝත්, මහමදිනයෝත් එය පාපයක් ලෙස නොසළකති. මිනිසුන් මැරීම පාපයකි. එහෙත් මනුෂ්‍යයන් බිලිදෙන ගෝත්‍රික ආගම් ලෝකයේ තිබේ. සියදිවි නසා ගැනීම සියලු ප්‍රධාන ආගම් පාපයක් ලෙස සළකන නමුත් ආගමික හේතූන් මත පුණ්‍යකර්මයක් වශයෙන් සාමුහික වශයෙන් සිය දිවි නසාගත් ආගමික කල්ලි ගැන වාර්තා තිබේ.
අද අප ඔබට කියන්නට යන්නේ රුසියානු විද්‍යාඥයන් සමූහයකට අපාය හමුවීම පිළිබඳ කතාවය. 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක් පොළොවෙහි සිදුරක් විදින්නට පටන් ගත්හ. අඟල් 10 ක් පමණ පළලකින් යුතු මේ සිදුර කිලෝමීටර් 14.5 ක් යටට විදින ලදී. පසෙහි සිදුරක් විදින විට විදුම් යන්ත්‍රවල සර්පිලාකාර විදුම් කටු මගින් පස් පොළොව මතුපිටට ගෙනෙන අතර එවිට හටගන්නා සිදුරෙහි කණ්ඩි කඩාවැටීම වළක්වනු සඳහා යකඩ බට සිදුර තුළට බස්සනු ලැබේ. මෙය මෙකල ළිංවලට වළලු බැස්සවීම හා සමාන කටයුත්තකි. සයිබීරියාවේ විදින ලද සිදුරටද අඩි 20 බැගින් දිග යකඩ බට කිලෝමීටර් 14.5 ක් වන තුරු බස්සවන ලදී. තවදුරටත් විදීම සිදු කරන විට විදුම් කටුව විශාල අගාධයක් වැනි තැනක පියස්ස වැදී පොත්ත හිල් කරගෙන ගිය බව පර්යේෂකයන්ට දැණින. ඒ ගැන සෙවීම සඳහා තාපයට ඔරොත්තු දෙන මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යවන ලදී. මයික්‍රෙෆෝනය ගොස් නැවතුන තැන උණුසුම ෆැරන්හයිට් අංශක 2000 ක් විය. ඉතාම පුදුම සහගත කාරණය වූයේ කිලෝමීටර් 14.5 ක් පොළව යටින් නැගුණ විලාප තැබීමේ හඬවල් සමූහයක් මයික්‍රෙෆෝන හරහා පොළව මතුපිටට ලබාගෙන පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවීමය. තප්පර 17 ක කාලයක් මේ හඬ පටිගත කරන විට මයික්‍රෙෆෝන උණු වී වැගිරුණ බව කියනු ලැබේ.
තමන් ශ්‍රවණය කළේ අපායේ පව්කාරයන් වධ විඳින විට නඟන විලාප බව තේරුම් ගත් පර්යේෂකයන් රැසක් වහාම රැකියාවලින් ඉවත් වී ගෙවල් බලා ගිය බව කියනු ලැබේ. ඉතිරි වූ පර්යේෂකයන් කිහිප දෙනා රාත්‍රි කාලයේ දී ඉතා බියකරු දර්ශනයක් දුටුවාහ. එනම් කනින ලද සිදුරෙන් පිටතට ආ විශාල ගිනි කදම්බයකින් ඉතා ආගන්තුක විලාප නිකුත් වීමය. මෙය දැකීමෙන් සිහි විකල් වූ පර්යේෂකයන්ට යළි යථා තත්ත්වයට පැමිණීම සඳහා නිද්‍රාජනක ඖෂධ ප්‍රතිකාර කිරීමට සිදු විය. මේ කතාව යට ගසන ලදී. කොමියුනිස්ට් රුසියාව විඥණවාදය බැහැර කළ බැවින් අපායේ පැවැත්ම පිළිගැනීමට සූදානම් වූයේ නැත. එහෙත් ලොව පුරා රටවල ඇතැම් කතෝලික පුවත්පත් මේ පුවත පළ කළහ. පටිගත කරන ලද අපායේ විලාප සමහර ගුවන් විදුලි මධ්‍යස්ථාන මගින් ප්‍රචාරය කරන ලදී. අන්තර්ජාලය හිස එසවීමත් සමගම මේ පුවත ලොව පුරා පැතිර යන්නට විය. මෙයින් වැඩිපුරම වැඩ ගත්තේ කතෝලික ලෝකයයි. ලෝක ප්‍රකට ටි්රනිටි බ්රොඩ්කාස්ටිං නෙට්වර්ක් නමැති ආයතනය තම ගුවන්විදුලි හා රූපවාහිනි වැඩසටහන මගින් මේ ප්‍රවෘත්තිය ප්‍රචාරය කළහ.
ශබ්ද පටය
0 comments:
Post a Comment