UA-68682341-2

Romania found the tomb of Dracula

රුමේනියාවෙන් හමු වූ ඩ්‍රැකියුලාගේ සොහොන

අමනුස්‌සයා විසින් මනුස්‌සයාගේ බෙල්ල දත්වලින් හිල්කර ලේ උරාබීම ඉතා පරණ කතාවකි. පෙරදිග රටවල මේ වර්ගයේ භූතාත්ම විශාල වශයෙන් නැති වුව ද මධ්‍යකාලීන යුරෝපය තුළ සිටි තරමක්‌ම මෙසේ ලේ බොන භූතයෝය. වැම්පයර් යනුවෙන් හඳුන්වන ඔවුහු උදේ සිට රෑ වනතුරු සොහොන් ගැබ් තුළ නිදා සිට රාත්‍රි කාලයට වවුලන් බවට පත්වී පියාඹා ගොස්‌ සුන්දර තරුණියන් හෝ තරුණයන්ගේ ගෙල සිදුරු කර ලේ බොන ආකාරය සාහිත්‍යාංගයක්‌ වශයෙන් මෙන්ම චිත්‍රපට සංස්‌කෘතියක්‌ ලෙසද වර්ධනය වී ඇත. ඩ්‍රැකියුලා ඒ සාහිත්‍යයේ මෙන්ම චිත්‍රපට සංස්‌කෘතියේද අග්‍ර ඵලයයි. බ්‍රෑම් ස්‌ටෝකර් නමැති බ්‍රිතාන්‍ය ලේඛකයා විසින් ඩ්‍රැකියුලා නිර්මාණය කරන ලද්දේ මෙයට වසර දහස්‌ ගණනකට පෙර රුමේනියාවේ වාසය කළ එලාස්‌ ද ඉට්‌පාලර් නමැති දුෂ්ට පාලකයාගේ චරිතය ආශ්‍රයෙනි.

එලාස්‌ විනෝදයට කළේ මිනිසුන් උල තැබීමය. සෑම සවස්‌ කාලයකම මිනිසුන් දහ පහළොස්‌ දෙනකු අල්ලා උල තැබීමට අණ කළ එලාස්‌ ඒ මිනිසුන් විඳින වධය දෙස බලා සතුටු විය. ඔහු පරපීඩා කාමුකයෙකි. වරක්‌ තම රට ආක්‍රමණය කිරීමට හමුදාවක්‌ එන බව එලාස්‌ට ආරංචි විය. දේශ සීමාව දිගට උල් දහසක්‌ සවිකරවූ ඔහු තම රටවැසියන් දහසක්‌ අල්ලා ඒවායෙහි උල තැබීය. සතුරු හමුදාව එලාස්‌ගේ දේශසීමාවට එනවිට මුලින්ම දුටුවේ එක පෙළට උල තබන ලද දහසකගේ සිරුරු ඉදිමී ඕජස්‌ වැගිරෙමින් තිබූ ආකාරයයි. එය දුටු විට බලවත් කම්පාවටත් ව්‍යාකූලතාවයටත් පත් සතුරු හමුදාව ආපසු හැරී ගියේලු.

මෙයට දෙසතියකට පමණ පෙර බල්ගේරියානු පුරාවිද්‍යාඥයන් පිරිසක්‌ එරට සුසාන භූමියක කැණීම් කරමින් සිටියහ. හදිසියේම ඔවුන් දුටුවේ යකඩ උලකින් පොළවට ද තබා සවිකෙරුණු ඇටසැකිල්ලකි. එය අවුරුදු 35 - 40 අතර පිරිමියකුගේ ඇටසැකිල්ලකි. යකඩ උල ගසා තිබුණේ ඇටසැකිල්ලේ හදවතට මඳක්‌ ඉහළිනි. සාමාන්‍යයෙන් මෙවැනි උල් ගසන ලද්දේ ලේ බොන අමුනුෂ්‍යයන් වළටම තබා සවි කරනු පිණිසය. එම උල නිතරම ආගමික ස්‌තෝත්‍ර වලින් ජපකරන ලද ජලයෙන් සේදීමට යුරෝපයේ පැරැන්නෝ පුරුදුව සිටියහ. මෙය බල්ගේරියානු පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද මේ වර්ගයේ දෙවන ඇටසැකිල්ලයි. එයට සවිකර තිබූ උල යුරෝපයේ නගුල්වලට සවි කරන යකඩ උලකි. එම ඇටසැකිල්ල සිටි පුද්ගලයා ජීවතුන් අතර සිටි කාලයේදී මිනිසුන්ගේ ලේ උරා බී ඔවුන් මරා දැමීයයි සැකයට ලක්‌වූවෙකි.

මෙම කැණීම් සිදුකර තිබුණේ බල්ගේරියාවේ නැගෙනහිර ප්‍රදේශයෙහි පිහිටි ගමකදීය. රටේ උතුරු ප්‍රදේශයෙන්ද මෙයට පෙර මෙබඳුම ඇටසැකිල්ලක්‌ හමුවූ අතර එයින් පෙනී ගියේ මුළු මහත් බල්ගේරියාව පුරාම භූතාවේෂයන් පිළිබඳ විශ්වාසයක්‌ තිබෙන්නට ඇති බවය. අලුතින් හමුවූ ඇටසැකිල්ල වසර 1000 ක්‌ පමණ පැරණිය. ඊට පෙර හමුවූ ඇටසැකිල්ලෙහි වයස අවුරුදු 700 කි.

මුලින්ම හමුවූ ඇටසැකිල්ලේ හිස්‌ කබලෙහි දත් ගලවා තිබිණි. එයට හේතුව වැරදීමකින් හෝ අමනුෂ්‍යා උල ගලවා ගත්ත ද, දත් නැති නිසා ගෙල සිදුරු කර ලේ බොන්නට ඔහුට බැරිවීමය. මේ ඇටසැකිල්ල ජීවත්වූ කාලයේදී යුරෝපයේ ප්‍රධාන ආගම කිතු දහමය. ඇටසැකිල්ල සමගම වළ දමා තිබූ කාසි වසර 1300 ට අයත් බව හෙළි විය.

සාමාන්‍යයෙන් දෙපා වලට යකඩ ආරුක්‌කු යොදා පොළොවට සවි කෙරුණු ඇටසැකිලි බල්ගේරියාවේ පෞරාණික සොහොන් බිම්වලින් හමුවී තිබේ. එසේ කරන්නේ එම සිරුරු රාත්‍රි කාලයේදී හොල්මං කිරීම සඳහා වළවල් වලින් නැගිට යනු ඇතැයි පැරණි බල්ගේරියානුවන් විශ්වාස කළ නිසාය.

මධ්‍යකාලීන යුරෝපීය ගැමි චින්තනයට අනුව ජීවතුන් අතර සිටින කාලයේදී නොදැමුන ජීවිත ගත කළ අය මිය ගිය පසු ලේ උරා බොන අමනුෂ්‍යයන් බවට පත් වෙති. ඔවුන් තෝරා පොළවට සවිවන පරිදි යකඩ උලක්‌ සිරුර හිල්කර යන ලෙස පොළවට සවි කරන ලදී. බල්ගේරියානු සංස්‌කෘතිය තුළ මරණින් මතු අමනුෂ්‍යයන් විය හැකි බවට නම් කෙරුණු අය අතර උගත්තු, වංශවත්තු සහ පුස්‌තකයෝද වූහ.

එහෙත් කිසිදු කාන්තා ඇටසැකිල්ලක්‌ උල් ගසා පොළවට සවිකරන ලදුව තිබියදී හමුවී නැත. එයින් අදහස්‌ වන්නේ පැරණි බල්ගේරියානුවන් යක්‌කුන්ට බය නැති බවය.

මියගිය පුද්ගලයකුගේ සිරුර දින 40 ක්‌ ඇතුළත භූතයන් විසින් රැගෙන යන බවට විශ්වාසයක්‌ මධ්‍යකාලීන බල්ගේරියාවේ තිබිණ. එය වැළැක්‌වීමේ හොඳම ක්‍රමය මළ සිරුරු පොළොවට සවිකර තැබීම බව බල්ගේරියානුවන්ගේ අදහස විය.ඔවුන්ගේ විශ්වාසයකට අනුව සොරුන්, මිනීමරුවන්, බේබද්දන් යනාදීන් ලේ බොන යක්‍ෂයන් බවට පත්වීමේ ප්‍රවණතාවක්‌ තිබිණ.

මරණින් පසු වළෙන් නැගිටින මේ භූතාත්ම දුර පළාත්වලට ගොස්‌ සැබෑ මනුෂ්‍යයන් ලෙස වෙස්‌ වලාගෙන විවාහවී දූ දරුවන්ද ඇතිකරගෙන ජීවත්වන අතර රාත්‍රි කාලයේදී ලේ බීම සඳහා වවුලන් බවට පත්ව පියඹා යන බවද ඔහුවු විශ්වාස කළහ.

මේ අනුව මධ්‍යකාලීන බල්ගේරියාවේ දුර ගම්මානවලට එන පුද්ගලයන් ලේ බොන භූතාත්ම බවට සැකකර මරා දැමීමේ වැඩපිළිවෙළක්‌ විය. සැකකරු අල්ලා අත් පා බැඳ ආගමික ස්‌ත්‍රොත්‍ර මතුරන ලද ලී උලක්‌ ඔහුගේ හදවත සිදුරු වන සේ කුලු ගෙඩියකින් ගැසීම සිරිත විය.

ඉතා නරක ලෙස ජීවත්වී මරණයට පත්ව සුනඛයන් හා කපුටන් අනුභව කර ඉතිරි කළ අයගේ භූතාත්මයකදී දෙව්ලොව හෝ අපායට භාර නොගන්නා බව පුරාණ බල්ගේරියානුවෝ විශ්වාස කළහ. එහිදී යන එන මං නැති ඔවුහු පොළවේම රැඳී හොල්මන් කරමින් මිනිස්‌ ලේ උරා බොන බව එකල වූ ජනප්‍රිය පිළිගැනීමය.




 

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2