UA-68682341-2

Global marvelous wizard

ලොවම මවිතකල විජ්ජාකරු

 
දැන් සියළුම සොෆ්ට්  කියන්න යන්නෙ අන්තර්ජංජාල සංචාරක ගමනෙදි දැකපු තවත් අපූරු සිදුවීමක්.ඒ අපූරු මැජික් ශිල්පියෙක් ගැන.මෙයා තමයි දැනට ලෝකයේ ඉන්න දක්ශතම මැජික් ශිල්පියා.  නම ඩේවිඩ් කොපර්‍ෆිල්ඩ්.

  තාමත් කිසිම කෙනෙක්ට අදහාගන්නටත් බැරි විදිහෙ මැජික් දර්ශන මෙයාට සිදුකරන්න පුළුවන්.මෙයා ඉපදුනේ 1956 සැප්තැම්බර් මාසෙ 16 වෙනිද, ඇමෙරිකා එක්සත් ජනපදයේ.බොහොම දුප්පත් පවුලක ඉපදුනු මේ ඩේවිඩ් කොපර්‍ෆිල්ඩ්ගේ අද්‍යාපනය පවා එතරම් සාර්ථක එකක් වුනේ නෑ.නමුත් මැජික් දර්ශන සදහා තිබූ හැකියාව සහ උනන්දුව නිසාම ලෝකයම අභිබවමින් ඉදිරියට එන්නට මේ තරුණයාට හැකි වුනා.

             
                  වසරකට දර්ශන වාර 500ක් විතර මෙයා ඉදිරිපත් කරනවා.ඉහල මිල ගනන් ගෙවමින් ලොව නන් දෙසින් ජනතාව මේ සියළුම දර්ශන වාර බලන්නට එන්නෙ මේවයි තියෙන ත්‍රාසය,විශ්මය දනවන ගතියත් ලෝකෙ වෙන කොහෙදිවත් මේ වගෙ දර්ශන දකින්න නොලැබෙන නිසාත් වෙන්න ඕන.


ලෝකයේ මැජික් ශිල්පීන් අතරින් වැඩිම ආදායමකට හිමිකම් කියන්නේද මොහුයි.ඒ වගේම මෙයා ගාව තියෙන තමන්ගේම වෙන මැජික් දර්ශන සං්‍යාවත් විශාලයි.ලෝකයේ වැඩිම ආදායමක් ලබන පුද්ගලයන් 100 දෙනා අතරට එක්වෙන්නත් මෙයාට හැකිවෙලා තියෙනව.


පල්ලෙහා තියෙන වීඩියෝ දර්ශන ටිකත් එහෙනම් බලලම යන්නකෝ.











 ඩේවිඩ් කොපර්‍ෆිල්ඩ් කියන්නෙ වරෙක මැජික් ශිල්පියෙක්.වරෙක ඉන්ද්‍රජාලිකයෙක්.වරෙක ලේඛකයෙක්.වරෙක අධ්‍යක්ශකවරයෙක්.මේ කොහොම හැදින් වුවත් ඔහුත් මිනිසෙක්.හැබැයි හැකියාව සහ කැපවීම තුලින් ලොව ජයගත් මිනිසෙක්.අන්තිමේදි කුරුල්ලට කියන්න තියෙන්නෙ ඔයාලත් ඔයාලගෙ හැකියාව ගැන විශ්වාසයක් තියාගන්න.එතකොට මේ ලෝකයම දිනන්නට ඔයාටත් නොහැකිවෙන එකක් නෑ.
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2