UA-68682341-2

Witch patterns created magic number

මායාකාරී රටා මවන මැජික් අංකය
 
ඔන්න දැන් සියළුම සොෆ්ට් සොයාබැලීම් වලාන් ඔයාලව ජර්මනියට කැන්දන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.අද කියන්නට යන මේ අපූරු සිදුවීම වාර්තාවෙන්නෙ ජර්මනියෙ නුරෙම්බර්ග් කියන ගම්මානයෙන්.හරියට විස්තර අතුව කිවුවොත් හෙම නුරෙම්බර්ග් වල හිටපු පුද්ගලයෙකුගෙ රජ සොයාගැනීමක් ගැන තමයි ඕං කියන්ට යන්නෙ.

මේ පුද්ගලයගෙ නම ඇල්බ්‍රට් ඩූරර්(Albrecht Durer).ඉපදිල තියෙන්නෙ 1471 මැයි 21 වෙනිද.මෙයා වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්.කෝ ඉතින් තාම මෙයා මොකක්ද හොයා ගත්තෙ කියල කිවුවෙ නෑනෙ..?.
 
දවසක් මෙයා 4*4 කොටුවක් ඇදල ඕකෙ ඉලක්කම් ටිකක් දාගෙන ගියා.පස්සෙ ඉතින් ඕකෙ අර දාපු ඉලක්කම් ටික එක එක පැත්තට එකතු කොරලත් බැලුව.අප්පට බොල...රටා මහ ගොඩයි.ඇත්තටම නික0 මැජික් කොටුවක් වගේම තමා ඕන්.ඔයාලත් බලන්ටකො සිද්ධිය.



1).තිරස් අතට කොටුවල එකතුව බලන්න.   Eg : 16+3+2+13 = 34

2).සිරස් අතට කොටුවල එකතුව බලන්න.  Eg : 16+5+9+4 = 34

3).කොන් හතරේ පිහිටි කොටුවල ඇති අ0ක වල එකතුව බලන්න.   Eg : 16+13+4+1 = 34

4).මෙහි අ0ක 3,8,14,5 සදහන් වන කොටු දෙස බලන්න.යම් රටාවකට වෘත්තාකාරව පිහිටා ඇති බව                 පෙනේ.දැන් එම කොටුවල ඇති අ0ක වල එකතුවද බලන්න.  Eg : 3+8+14+5 =  34
  ...මේ රටාවම යමින් ඉතිරි කොටුවලද එලෙසම සිදුවේ.  Eg : 2+12+15+5 = 34

5).මෙම කොටුවේ මැද පිහිටි කොටු හතරේ වු අ0ක වල එකතුවද බලමු.  Eg : 10+11+6+7 = 34

6).එමෙන්ම මුල් සිරස් පේලියේ 5,9 න් අගට සිරස් පේලියේ 8,12 න් යන අ0ක එකතුකර බලමු.                         Eg :  5+9+8+12 = 34
  ...මේ රටාවම යමින් තිරස් පේලි වලද සිදුවන්නේදැයි බලමු.  Eg : 3+2+15+4 = 34

7).දැන් කතිරයක් ආකාරයට යන පරිදි එක් මුල්ලක සිට අනෙක් මුල්ලට ඉලක්කම් වල එකතුවද බලන්න.
Eg : 16+10+7+1 = 34
       13+11+6+4 = 34

8).දැන් 5,3 යන අ0කත් 14,12 යන අ0කත් පිහිටා ඇති ස්ථාන දෙස බලන්න.යම් රටාවක් පෙනේවි.ඒවායේද එකතුව බලමු.  Eg : 5+3+14+12 = 34
  ...මේ රටාවම යමින් 2,8 ත් 9,15 ත් සලකමු.  Eg : 2+8+9+15 = 34

9).මේට අමතරව සරුංගල් ආකාරයේ පිහිටි අ0ක රටාවද බලමු.
Eg : 3+5+11+15 =  34
                                                                              2+8+10+14 = 34
                                                                              14+12+6+2 = 34




මේ ආකාරයට බොහෝ අවස්ථාවන් වලදී 34 කියන අරුම පුදුම සංඛාව ලැබෙන බව පෙනී යයි.යම් ආකාරයකට අ0ක 4ක් සැලකීමෙන් එකින්නෙකට වෙනස් ආකාර අවස්ථා 86 දී මේ මැජික් අංකය(34) ලැබෙන බව හොයාගෙන තියෙනවලු නොවැ.ඔයාලත් උත්සාහ කරන්න මේ අවස්ථා 86ම හොයා ගන්නට.මීටත් වඩා අවස්ථා හොයාගන්න පුලුවන් උනොත් සියළුම සොෆ්ට්ට කියල යන්න අමතක කරන්න එහෙම එපා.හොදේ......

Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2