කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව සොයා ඔකඳට ගියෙමු
ශිෂ්ටාචාරයේ විවිධ අවස්ථාවලදී මානවයා තම නිර්මාණ මගින් පරිසරය නිර්මාණය කරයි. එම නිර්මාණ අතීතයේ විසූ මානවයා ගේ සිතුම් පැතුම්, අවශ්‍යතා, උපයෝගීතා, දැනුම, තාක්ෂණය, සමාජ තත්වය හා ආගමික වට පිටාව පිළිබඳ අවබෝධය අපට ලබා දේ. එක් එක් මානව ශිෂ්ටාචාරයේ ඇදහිලි විශ්වාස අනුව මානව සංස්කෘතිය වෙනස් වේ. සියලු සංස්කෘතික බැඳීම් පසෙක ලා ලක්වැසි හින්දු බැතිමත්හු මෙන්ම සිංහල බෞද්ධයෝ ද සිංහල ක්‍රිස්තියානුවෝ ද තම විශ්වාසය පදනම කොට ගෙන වෙනත් ආගමිකයෝද ලංකික වැදි ජනයා ද කන්ද සාමී, කඳසුරිඳු, කදිරදෙවිඳු, කතරගම දෙවිඳු ආදී වූ නම් රැසකින් හඳුන්වනු ලබන කතරගම ශ්‍රි කන්දස්වාමි නැමැදීමට එක් ව පෙළ ගැසෙති. කතරගම දෙවිඳුන් පිළිබඳ බොහෝ රසවත් කතා ජනශ්‍රැතියේ සටහන්ව තිබේ. කතරගම කිරිවෙහෙර අසල පිහිටි අෂ්ට ඵලරුහ බෝධියෙහි සෙවන ලබමින් සිටින කතරගම මහ දේවාලයේ බැතිමතුන් අතින් පිදුම් ලබන්නේද බැතිමතුන් ගේ ප්‍රර්ථනා ඉටුකර දෙමින් සෙත් සදන්නේ ද දේවත්වයෙන් පිදුම් ලබන මහසේන් රජු යැයි සිංහලයන් අතර මතයක් පවතී. යුද්ධයට අධිපති දෙවියන් ලෙස ද මානවයාගේ සිරුරේ ලේ ධාතුවට අධිපති දෙවියා ලෙස ද සලකන කතරගම දෙවිඳුන් සම්යමක් දෘෂ්ඨික දෙවියකු ලෙස සැලැකේ.
දුටු ගැමුණු රජු සිව් හෙළය එක් සේසත් කිරීම අරබයා ගෙන ගිය යුද්ධයේ දි කතර ගම කිරිවෙහෙර පිහිටා ඇති ස්ථානයෙ දෙවොලක් දෙවියන් උදෙසා ඉදිකර දෙන්නට බාර වූ බව ට ද රසවත් කතා වක් ජනශ්‍රැතියේ පවතී එහෙත් බොහෝ දෙනා ගේ විශ්වාසය වන්නේ කඳ සුරිඳු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දේවත්වයෙන් පිදුම් ලබන්නෙකු බවයි.ඒ පිළිබඳ රසවත් කතා රශියක් පවතී. සිංහලයන් ගේ ඉල්ලීම් හා යාතිකා පිළිගැනීමට දෙවරක් නොසිතන කඳ සුරිඳුන් හින්දූන් ගේ ඉල්ලීම් ඉටුකර දීමේ දි ඔවුන් තමන් සතුටු කිරීම උදෙසා ඉතා දුෂ්කර වෘත අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කියැවෙන කළගුණ සැලැකිම පිළිබඳ කතාවක් ද අප අසා ඇත්තෙමු.
බොහෝ සෙයින් බෙදී වෙන් වී ඇති ශ්‍රී ලාංකේය ජනයා කතරගම එකම බිමක දී එකම ගඟක දියෙන් සැනැහී එකම දෙවියකු වෙනුවෙන් පුද පුජා පවත්වන අයුරු අපූරුය. කතරගම පුජා උත්සවය ආරම්භය සනිටුහන් කරමින් කතරගම මහ දෙවොලේ ද ඔකඳ කතරගම දේවාලයේ ද එකම නැකතින් කොඩි ගස ඔසවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ උතුරුකරයේ යාපනයේ සිට පාගමනින් කතරගම දක්වා පැමිණෙන බැතිමතුන් භක්තියෙන් යුතුව පෙරහර මංගල්ලයට පේවී උතුරේ සිට දකුණදක්වා මල්මාලා වෙන්ද පුද පඬුරින්ද සරසා රැගෙන එනු ලබන ත්‍රිශූලය කතරගම මහ දෙවොලට සුබ නැකතින් බාරදීමෙන් අනතුරවය. එම නැකත් මංගල්ලයෙන් පසු කතරගම දෙවියන් උදෙසා රට පුරා පිහිටුවා ඇති දෙවාලයන් හිදී කතරගම දෙවියන් උදෙසා වූ බාර හාර ද පිදෙවිලි ද ඉටු කරනු ලබත්.
ඔකඳ දේවාලයේ තේවාව පවත්වයි... |
සත්‍ය වශයෙන්ම එම ප්‍රදේශය ශ්‍රී ලංකේය සමාජයේ පැතිකඩකි. 1918 කැරැල්ල සමයේ ආරක්ෂාව පතා පැමිණි උඩරට රජඅයත් වූවෝද කොට්ටගු වලව්වේ මෙන්ම මැද ගෙදර පරපුරට අයත් වැසියෝ ද කොස්ලන්දෙන් පැමිණි ජනයා ද පානම, බිබිල මැද ගම,මියාගල ආදී පෙදෙස් හි වෙසේ. කාවන්තිස්ස රජ සමයේ දී රුහුණට අයත්ව තිබු පානම් පත්තුවේ කාවන්තිස්ස රජ සමයේ ඉදිවු වෙහෙර විහාර රැසක්ද තිබේ. කුඩිම්බිගල දුටුගැමුණු රජ සමයේ 12000 ක් රහතුන් විසු බිමකි. එය අතීතයේ රුහුණු මාගමට අයත්වතිබුණද 1815 ලංකාව අත්පත් කරගත් ඉංග්‍රීසින් රට හැර යද්දි පානම මඩකලපුවපාලන බල ප්‍රදේශයට අයත් කොට දී ගියෙන් අද ද එම ප්‍රදේශය රුහුණු රටින් වෙන්ව පවතී. එහි වෙසෙන ඉන්ද්‍රලතා, පද්ම ලතා, චන්ද්‍රවතීලා, යසපාලලා, බණ්ඩාරලා සිංහලයට වඩා හෙඳින් දෙමළ වහරති. තංගමනීද ෆරීනා මෙන්ම සිරියලතා ද එකම ගෙයි නෑනාවරු ලෙස වෙසෙති. එහි වෙසෙන සිංහලයන් බොහෝ දෙනෙක් උප්පැන්න සහතිකයට අනුව දෙමළ ජාතිකයන්ය.
දූවේ පාලම, කිණ්නඩි පාලම පසුකරලා හැඩ ඔය තෙක් එද්දි යල මහ දෙකන්නයේ පීදෙන සරුසාර කෙත් යායක් දැක ගන්න පුළුවන් හැඩ ඔයෙන් එපිට ඇති කුඹුරු අස්වද්දන්නේ අහස් දියෙනි. . ඔකඳට යන පාරට කුමන හන්දියෙන හැරුණු තැන් පටන් පලු, වීර, කරුවල, බුරුත, නුග, ආදී වෘක්ෂයන් දැක ගන්නට හැකියාව තිබේ. සිය දහස් ගණන් ගවයන් නිදැල්ලේ උලාකන අයුරු දැක ගත හැකිය. කාලයකින් දිය බිඳක් නොවැටුණු පොළොව දුවිල්ලෙන් පිරී තිබේ. වෙසක් සිට ඇසළ මාසය පසුවන තුරු පලූ වීර කරඹ ආදීවු පලතුරු සුවඳින් පානම් පත්තුව සුවඳවත් වේ. පැණි බේරෙන පලු වීර රස බලමින් ඔකඳ පාර දිගේ යද්දි හමුවන්නේ “වෙහෙර කෙම“යි. එහි චෛත්‍යයක නටබුන් හා ගරා වැටුණු ගොඩනැඟිල්ලක නටබුන් දකින්නට ඇත.එ තැන ගල්කෙමක වු කුඩා ජලාශ ප්‍රමාණයෙන් කුඩා වූවත් ගැඹුරින් අඩු නැත.
උපුටාගන්නා ලද්දකි
උපුටාගැනීම:silumina
0 comments:
Post a Comment