UA-68682341-2

Download Kali Linux Os in 54Mb

කාලි ලිනක්ස් මෙගාබයිට් 54කින් බාගමු

ඔන්න අදත් මම ආවා ලිපියකින් මම දවස් ගාණකට ඇතිවෙන්න පොස්ට් කටු දාලා ආයෙත් සල්ලි ටිකක් අතට ලැබුණ දවසට තවත් පෝස්ට් කටු ටිකක් දාලා යනවා

මට අදත් ඉතින් අතට ලැබුණේ රුපියල් 50යි ඒකෙන් පුළුවන් තරම් පොස්ට් කටු දාලා යනවා හරි
ඔයාලා අතරින් වැඩි හරියක් Linux ගැන අහලා ඇති. ඒත් මේ ගැන හරි අවබෝධයක් නැතුව ඇති. හ්ම් ඇත්තටම මොකක්ද? මේ Linux කියන්නෙ. මම අද ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන්නෙ මේ Linux ගැන තමයි. නොදන්න හැමෝටම කියවලා බලන්න පුළුවනි.

Linux ලෙස හදුන්වනු ලබන්නේ ඇත්තටම Operating System එකක්. මෙය නිර්මාණය කරන්නේ විවෘත මෘදුකාංග (Open Source) මෙයෙයුම් පද්ධතියක් විදිහට. මෙය වැඩි දියුණු කිරීම සහ බෙදා හැරීම සදහා හිමිකම් අහුරා නොමැත. ඕනෑම අයෙකුට විවිධ ආකාරයෙන් දියුණු කිරීමට පුළුවන්. එහෙත් අනෙකුත් මෙහෙයුම් පද්ධති සදහා හිමිකම් අහුරා තිබීම නිසා නිතීයෙන් දඩුවන් ලැබිය හැක. Linux ලෙස හදුන්වන ලබන්නේ Linux Kernel වන අතර මෙය සියලුම Linux Operating System හි තිබෙන කොදු නිරටිය ලෙස හදුන්වනු ලබයි. මෙහි නිර්මාතෘ Linus Torvalds වන අරත මෙය පළමුමෙන්ම ලෝකයට මොහු විසින් ඉදිරිපත් කරන ලද්දේ 1991 වසරේදීය.

Linus Torvalds හදුනාගනිමු. 
 
මොහු උපත ලැබුවේ වසර 1969 දෙසැම්බර් මාසයේ 28 දින Finland හි Helsinki ප්‍රදේශයේය. ඇමරිකාවේ මෘදුකාංග ඉංජිනේරු Software Engineer සහ Hacker අධ්‍යාපනය මැනවින් නිම කරන ලදි. පසුව මොහු විසින් Linux Kernel නිර්මාණය කිරීම අරබන ලදි. Linux Kernel හි මූලික ශිල්පියා ලෙසට පත්වෙමින් දැනට ඔහු ව්‍යාපෘති සම්බන්ධකයා ලෙස ක්‍රියාකරමින් සීටි. 

ලිනක්ස් ආරම්භයේදී මෙය නිර්මාණය කරන ලද්දේ Intel x86 (32bit) Personal Computer පුද්ගල පරිගණක සදහාය. අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට වඩා පරිගණකයෙහි දෘඪාංග ආරක්ෂා කිරීමේ හැකියාවත් Linux Kenel සතුව පවතී. අද වන විට මෙය ශිඝ්‍ර වශයෙන් දියුණු වෙමින් Servers, Mainframe Computer සහ Supper Computer සදහා භාවිත කරන මෙයෙයුම් පද්ධති දක්වා වැඩි දියුණු කරල ලද තාක්ෂණයකින් යකුතය. ඒ වගේම Linux Kernel උපයෝගී කරගනිමින් Mobile Phones, Tablet Computer, Network Routers, Televisions සහ Video game පාලන පුවරු වගේම Android ජංගම දුරකථන මෙයෙයුම් පද්ධතිය පවා මේ ආධාරයෙන් ගොඩ නන්වා තිබේ.

අනෙකුත් මෙහෙයුම් පද්ධති වලට සාපේක්ෂව Linux Kernel හී තිබෙන විශේෂත්වයක් වන්නේ මෙය නිදහස් සහ නොමිලේ නිකුත් කරන මෘදුකාංගයක් වශයෙන් තහවුරු කිරීමයි. මෙය ඕනෑම කෙනෙකුට වෙනස් කිරීම, වැඩි දියුණු කිරීම, බෙදා හැරීම වාණිජමය ආකාරයෙන් හෝ වාණිජ නොවන අකාරයෙන් GNU General Public License යටත්ව සිදු කිරීමට ඔබ සැමට අවසර දී තිබෙයි. Ubuntu, Fedora, OpenSUSE ජනප්‍රිය Linux බෙදාහරිනන් වේ. මොවුන් විසින් Linux Kernel මූලික Oparating System එක වැඩි දියුණු කරමින් නිර්මාණය කර තිබ්ණ මෙයෙයුම් පද්ධති ලොව පුරා විශාල පිරිසක් භාවිත කරයි. Linux බෙදාහරින්නන් විසින් Linux සදහා විශේෂිත විවිධ Utilities සහ libraries Application Software සේවා සපයමින් Linux වැඩි දියුණු කිරීමේ පුරෝගාමීන් වශයෙන් කටයුතු කරමින් සිටී.

Linux බෙදාහරිනන් අතරින් සමහරක් විසින් වින්ඩෝස් සිස්ටම් සහ අනුගාමී ඩෙස්ක්ටොප් අනුගාමී මෘදුකාංග විශාල ප්‍රමාණයක් භාවිත කරමින් මෙහෙයුම් පද්ධති නිර්මාණය කරයි. උදාහරණ වශයෙන් GNOME සහ KDE Plasma දැක්විය හැකිය. තවත් සමහරක් ප්‍රබල තාවයෙන් අඩු පරිගණක සදහා අඩු ඩෙස්ක්ටොප් අනුගාමී මෘදුකාංග ඇතුළත් කරමින් ඒවාට ගැලපෙන අයුරින් මෙහෙයුම් පද්ධති නිර්මාණය කරමින් සීටී. උදාහරණ වශයනේ LXDE සහ Xfce දැක්විය හැකිය. Linux මෙහෙයුම් පද්ධති ගොඩනන්වන්නේ අනකුත් Open Source මෘදුකාංග එක් කරමින්ය Firefox, LibryOffice, GIMP මේ හරහා ඔබට මූලිකව ලැබෙන මෘදුකාංග අතර පවතී. ලිනක්ස් යනු ඕනෑම කෙනෙකුට තම දක්ෂතාවයක් එකතු කරමින් නැවත නැවතත් වැඩිදියුණු කරමින් පැතිරවිය හැකි මෙහෙයුම් පද්ධති විශේෂයක් නිසාවෙන් කිසිම හිමිකමක් අහුරා නොමැත. 

මේ ඔබට ගෙන ආවේ, Linux සදහා ඔබ වෙත ඉදිරිපත් කරන පළමු ලිපියයි. වාණිජකරණයට ලක්නොවී, නිදහස් ලංකාවක නිදහස් මෘදුකාංග භාවිත කිරීමට පුරුදු වෙමු. සාම්ප්‍රදායික වින්ඩෝස් වලට සමුදීමට කාලය එළබ ඇත. 
 
ඔන්න Linux ගැන දීර්ග විස්තරයක් කරානේ මම මේ දෙන්නේ 32 බිට් එක 64 ළඟදිම දෙන්න බලාපොරොත්තු වෙනවා මෙතන ක්ලික් කරලා බා ගන්නකෝ එහෙනම් මම යනවා
Share on Google Plus

About Unknown

ඔයාලා මේක කියෙව්වට සතුතියි මම ඔයාලට ඉස්සරහටත් මේ වගේ රසවත් ලිපි දෙන්න බලාපොරොත්තු වෙනවා ගැටලුවක් ඇති උනොත් මේකෙන් හරි බුකියෙන් හරි "Comment" කරන්න මම සියළුමසොෆ්ට්.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Translate

Your Computer Deatails

Addsense

Ads By Google

UA-68682341-2