1963 දී තුර්කි පව්ලක් විසින් මිලදී ගත පැරණි නිවසක බිත්තියක් කඩාවැටීමෙන් පසු ඔවුනට ගලෙන් නිර්මාණය වූ කොරිඩෝවක් හමුවිය. එමකොරිදොව වැටි තිබුනේ වසර දහස් ගණනක් පැරණි භූගත නගරයකටය.
ආදී 260ක් පමණ පොලව අභාන්තරයේ විශිෂ්ඨ ඉංජිනේරු තාක්ෂණයකින් නිර්මාණය කර ඇති මේ නගරය තට්ටු 13කින් සමන්විතවේ. මෙහි සෑම කාමරයටම කොරිඩෝරයට හා පහළම තට්ටුවට වාතය සපයන වායු අගල් 15000ක් පමණ තිබෙන බව සොයාගෙන ඇත.
මෙහි ඇති කාමර හා අගර තුල මිනිසුන් 20000 ක් පමණ පහසුවෙන් රඳවා තබා ගත හැකි අතර ආගමික මධස්ඨාන. ගබඩා කාමර. වයින් ආගාර මෙන්ම සතුන් රැඳවීමට යොදාගන්න ස්ථානද සොයාගෙන ඇත.
විද්‍යානයන්ට හ ඉංජිනේරුවන්ට අනුව මෙම නිර්මාණය කිරීම සඳහා දැනට ඇති තාක්ෂනය ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත. එසේනම් මිට අවරුදු 1000 කට ප්‍රථම මෙය නිර්මාණය කලේ කෙසේද? මෘදු ලාවා මිශ්‍රිත ගිනිකදු පාෂාණයේ මෙවන් නිර්මාණයක් කිරීමේදී එය කඩා වැටීම වැලැක්වීමට ආධාරකය මනා ලෙස ගලෙන්ම තනවා තිබීමත්, කිසිදු කාමරයක් ආගාරයක් හෝ කොරිඩෝවක් කඩා වැටී නොතිබීමත් මගන්පෙන්නුම් කරන්නේ මෙය නිපදවූයේ කවුරැන් වුවද ඔවුන් තමා කරන දෙය, කල යුතු දෙය හා තම අමුද්‍රව්‍ය පිළිබදව ඉතාමත් හොද දැනීමක් සහිතව මෙය නිපදවූ බවය.
මෙය නිපදවූයේ විශේෂ දැනුමක් ඇති මිනිස් කොට්ඨාශයක් විසින්ද?? නැතහොත් මෙවැනි නිර්මාණයක් කිරීමට දැනුම ඔවුන්ට කව්රුන් හෝ ලබා දුන්නාද? අලංකාරවූ පෘතුවිය මතුපිට අතහැර දමා මොවුන් මේ පෘතුවිය අභාන්තරයේ ජිවත් වුයේ අයි??
කැපඩෝෂියා ප්‍රදේශය මුලින්ම අයිතිව තිබුනේ ZorroAstrian (සොරෝඔස්ට්‍රියානු) ජනතාවගේ අධිරාජ්‍යයටයි. සොරෝ ඔස්ට්‍රියානු ආගම මෙලොව ඇති පැරණිතම ආගමික සම්පුදායන් ගෙන් එකකි. හොද සහ නරක බලවේග අතර විරැද්ධත්වය මත ගොඩනැගුණු පුරාවෘත්තයක් මත මෙම ආගම නිර්මාණය වන්නට ඇත්තේ ක්‍රි.පූ. 6 වන සිටවසටත් පෙර බව සැලවේ. ඔවුන්ගේ ආගමික නායකයා වූයේ සියළු දෙයෙහි නිර්මාතෘවූ Ahura Mazda (අහූරා මාස්බා) නම් දෙවිවරයෙකි.
සියළුම ප්‍රථිමා වල, ලිපි වල, ලේඛනවල හා චිත්‍ර සටහන් වල අහුරා මස්ඩා නිරූපණය කර ඇත්තේ පියාපත් යුගලයක් සහිත සෘෂි වරයෙකුගේ පෙනුමක් සහිත පුද්ගලයෙකු ලෙසය. සොරෝ ඇස්ට්‍රියානු ආගමික ලේඛන ග්‍රන්ථය හෙවත් "වෙනිඩාඩ්" ග්‍රන්ථයේ දෙවන පරිච්ඡේදයේ දී අහුරා මස්ඩා ලෝක ව්‍යාප්ත ව්‍යාසනයකින් මනුෂ්‍ය වර්ගයා ගලවාගත් බව ප්‍රකාශ කර සිටියි.මෙම කථාන්දරය බොහෝ දුරට, ශුද්ධ වූ බයිබලයේ ඇති නෝවාගේ කථාවට සමාන වෙයි. අහස් දෙවියා ලෙස සැලකෙන අහුරා මස්ඩා විසින් සීමා (Yima) නම් ශාස්තෘවරයාට පොළොව යට නගරයක් තැනීමට උපදෙස් දුන් අතර ලෝක ව්‍යාප්ත ස්වභාවික ව්‍යාසනයකින් මනිසුන් හා සතුන් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ විය. පුරාණ ග්‍රන්ථයට අනුව යීමා සිය දෙවියාගේ අණට අනුව යමින් මට්ටම් ගණනාවක භූගත නගරයක් බිහි කරන ලදි. කෙසේ වුවද මෙය ඉදිකරනු ලැබූයේ ජල ගැල්මකින් ආරක්ෂා වීමට නොව ලෝක ව්‍යාප්ත අයිස් යුගයකින් අරක්ෂා වීම සදහාය.බොහෝ දේශගුණ විද්‍යාඥයන්ට අනුව අවසාන අයිස් යුගය පැවතුනේ වසර 18000 කට පමණ පෙර වන අතර එය ක්‍රි.පු. 10000 දී පමණ අවසන් වූ බව සැලකේ.
එසේ නම් භූගත ඩැරීන් තූය නගරය බිහිකලේ එවන් ව්‍යාසනයකින් ආරක්ෂා වීමටද?
ඩැරින් ක්යු යනු අහස් දෙවියා වූ අහුරාමාස්ඩාගේ උපදෙස් අනුව බිහිකළ අරක්ෂිත නිවහනක් වේ. අපට එක් ප්‍රශ්නයක් ඉතිරි වෙයි. අහුරා මස්ඩා යනු කවුද?සිදුවීමට නියමිත පාරිසරික වශයෙන් දැවැන්ත වෙනස් කමක් ගැන දැනුම තිබූ ඉන්ජිනේරැ තාක්ෂණය හා භූගර්භ විද්‍යාව පිළිබද මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය පිළිබද දැනුම තිබූ අහුරා මස්ඩා සැබැවින්ම වෙනත් ලොවකින් මෙහි පැමිණි ඉතාමත් දියුණු ජීවියෙක් ද?මෙහි සුලමුල සෙවීම පහසු නැතත් බොහෝ අතීත ලේඛණ වල අහසින් පොළොවට බට ජීවීන් මෙලොව ජනයාට විවිධ දේ තැනීමට, වටහා ගැනීමට හා ජය ගැනීමට ඉගැන්වූ බව ප්‍රකට කරුණකි. එම ජීවීන් සතුව අපට ඉතා පහසුවෙන් අභිබවා යෑමට හැකියාව තිබූ බැවින් ඔවුන් දෙවියන් සේ සලකන ලදි.
මෙයට තුඩු දෙන තවත් පැහැදිලි කිරීමක් ඩැරින්කුයූ හි අසාමාන්‍ය අරක්ෂණ පද්ධතිය තුල සැගව ඇත. ඩැරින්කුයු හි ආගාරවල දොරවල් ඉාමත් බර වෘත්තාකාර ගල් පතුරු වලින් නිපදවා ඇති අතර ඒවා එක් පුද්ගලයෙකුට වුවද පහසුවෙන් එහා මෙහා කල හැකිය. එසේ වුවද ඒවා වසා දැමීමට මෙන්ම විවෘත කිරීමට ද හැකියාව ඇත්තේ ඇතුලතින් පමණි. පිටති එය විවෘත කිරීම කළ නොහැකි කටයුත්තකි
මෙමගින් පැහැදිලි වන්නේ ඩැරින්ක්යු ජනතාව යම් බලවේගයකින් සැගව සිටීමට හෝ ආරක්ෂා වීමට මෙම නගරය නිපද වූ බවයි. සෝරෝ ඇස්ට්‍රියානු ලේඛන වලට අනුව ඔවුන්ගේ නිර්මාතෘ වූ අහුරා මස්ඩා දෙවියන් විනාශයේ හා මරණයේ දෙවියා වූ අන්ග්‍රෝමේන්යු සමග සටන් කල බව පැවසේ. එසේම අහුරා මාස්ඩා මෙම යුද්ධයේ දී ඉතාමත් සුවිශේෂ එථයක නැගී අහසින් ගය බවද කියවේ.
නවීන තාක්ෂණික ඇසින් බලන විට මෙය විරැද්ධ මත දැරූ පිටසක්වල ජීවී දෙපිරිසක් අතර ගැටුමක් හෝ යුද්ධයක් බව පැවසිය හැකිය. මක්නිසාද යත් එකලදී කිසිදු මනුෂ්‍ය ශිෂ්ටාචාරයකට පියාඹීමේ හැකියාව නොතිබූ බැවිනි. මෙම කරැණු නිසා ඩැරින්කයු භූගත නගරයබිහිකරනු ලැබූවේ පිටසක්වල ආක්‍රමණිකයන් සහ එම ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂා වී සිටීමට යැයි සැකකිරීමට හැකිය. මෙයට තුඩු දෙන තවත් කරැණක් නම්, යමකු පොළෙව යට සැගව සිටින්නේ බිමින් පහර දෙන සතෙකුට විරැද්ධව නම් එය අඥාන ක්‍රියාවක් බැවිනි. මක්නිසාද යත් පොළොව මතු පිටින් එන සතුරෙකුට පහසුවෙන්ම ගුහාව හෝ භූගත නගරයේ දොරටු අවහිර කර ක්ෂණිකව එය මිනී වලක් බවට පෙරළීමට හැකි නිසාය. නමුත් වේගයෙන් අහසේ ගමන් කරන සතුරෙකුට නම් වා කවුලු හෝ ගුහා දැකගැනීමට ද අතිශය අපහසු කාරියකි.
ස්වභාවික ව්‍යාසන හෝ පිටසක්වල ජීවී තර්ජන කෙසේ වුවද ඩැරික්කුයු ගුහා සංකීර්ණය නිපදවීමට තාක්ෂණික වශයෙන් ඉතාම අපහසු කාර්යයකි. එබැවින් එහි නිර්මාණය කිරීම මිනිසුන් අතින් සිදුවූවක් ලෙස සැලකුවද එහි මෙහෙයුම් කාර්ය සිදුකරන ලද්දේ අපගේ දැනුම පහසුවෙන් අභිබවා ගිය ජීවී කොටසක් විසින් ව නම් පැහැදිලිය. කෙසේ වුවත් මෙම නිර්මාණ සීමා වන්නේ තුර්කියට පමණද? නැත ලොව පුරා විවිධ ස්ථානවලින් මෙවන් භූගත විශ්මයන් වාර්තා වෙයි.
0 comments:
Post a Comment